රනිල් කියන්නේ ප්‍රතිපත්තිගරුක සුපිරි වැඩ්ඩෙක්…! සජිත් නම් ඇතුළේ මුකුත් නැති හිස් කෝම්බයක්..! – ජවිපෙ…

January 21, 2022 at 4:26 pm | by emanisa.lk

එජාප නායක රනිල් වික්‍රමසිංහ යනු තම දේශපාලන ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරන නායකයෙකු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික නලින්ද ජයතිස්ස පවසයි.

එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යනු ඇතුළේ කිසිවක් නොමැති හිස් කෝම්බයක් බව ද ඔහු ප්‍රකාශ කරයි.

නලින්ද ජයතිස්ස සඳහන් කරන්නේ, සජිත් ප්‍රේමදාස එන ඕනෑ ම රැල්ලක නැඟී ජනප්‍රිය දේශපාලනයක යෙදෙන බවයි.

එහෙත් රනිල් වික්‍රමසිංහ තමන් පිළිගත් ධනවාදී දේශපාලනය තුළ ඊට අනුගතව කටයුතු කරන නායකයෙක් බව ද ඔහු සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතරින් තමා ප්‍රියකරන චරිතය කුමක් යූටියුබ් නාළිකාවක් සමග පැවැති සාකච්ඡාවක දී විමසූ විට ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයා මෙසේ පිළිතුරු ලබා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *