රනිල් අවුරුදු 25කට කලින් රට භාරගත්තා නම් දැන් අපි දියුණු රටක්…!

July 4, 2023 at 7:47 pm | by emanisa.lk

වසර 25කට පෙර රනිල් වික්‍රමසිංහ මේ රට භාර ගත්තේ නම් අද අප ජීවත් වන්නේ දියුණු රටක බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳ මේ රටේ මහ ජනතාව කනගාටු විය යුතු බවයි.

දේශපාලන පක්ෂවලට උවමනා ආකාරයට කටයුතු කිරීමට ඉඩදිය යුතු නැති බවත් ජනතාව එම බලය සියතට ගත යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ භාරගත් බංකොලොත් රට නැවත ගොඩනැඟීමට ජනතාව ඔහුට අවස්ථාව ලබා දෙන බව නිසැක යැයි ද වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

සිරිකොත එජාප මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *