ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට ඡන්දය ලබා දුන් ජනතාවට අද තිබෙන එකම විකල්පය සමගි ජන සන්ධානය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපතිවරණයේදී මෙන් විවිධ විකල්ප ලෙස හඳුනාගත් අයට ඡන්දය ලබා දී ඡන්දය නාස්ති කරනොගන්නා ලෙසයි, රණවක මහතා ඉල්ලා සිටියේ.
මේ වන විටත් සමඟි ජන සන්ධානය සමඟ එක්වීමට විශාල පිරිසක් කැමැත්ත පළකර තිබෙන අතර ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා ප්රමිතියකට යටත්ව එක්කර ගන්නා බව ද හිටපු මන්ත්රීවරයා කියාසිටියි.