ඡන්දයකට පසු එය ජයග්‍රහණය කළ පාර්ශ්වය පැරදුණු පාර්ශ්වයට විහිළු කිරීමේ සහ නිවස්වලට ගල් ගැසීමේ සංස්කෘතියක් මේ රටේ ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
පැරදුණු පාර්ශ්වය නැවත සිය ආණ්ඩුවක් එනතුරු එහි වාඩුව ගැනීමට බලා සිටින බව ද හෙතෙම පෙන්වා දෙයි.
විජිත හේරත් අවධාරණය කළේ, මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ ද වෙනස් වී නව දේශපාලන පක්ෂයක් තනා ඇති බවත්ය.
රනිල් වික්‍රමසිංහ පරාජය කොට අනුර දිසානායක එම පුටුවේ වාඩි කළ පමණින් රට දියුණු නොවුණ ද එහි දී මෙතෙක් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන බවයි, විජිත හේරත් සඳහන් කළේ.