කඩා වැටුණු රට ඉතා ම කෙටි කාලයක දී ලෝකයටත් ආදර්ශයක් දෙමින් ඔසවා තැබූ ජනාධිපති රනිල් වික්රමසිංහගේ දැක්ම ඇමරිකාවට සහ එංගලන්තයටත් වඩා විශාල බව එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන පවසයි.
වැටුණු ජාතිය නැවත ගොඩගෙන ලෝකය සමග ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා සමත් වූ බවයි, ඔහු සඳහන් කළේ.
රනිල් වික්රමසිංහ විසින් වසරකට පෙර කඩා වැටුණු රට යළි නිවැරදි මාවතට ගෙන ඉදිරියට ගෙන යමින් ඇතැයි වජිර අබේවර්ධන වැඩි දුරටත් කීය.
ගාල්ල දිස්ත්රික් බද්දේගම සහ අක්මීමන එජාප ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් හෙතෙම මේ බව ප්රකාශ කළේය.