රනිල්ගේ ඇමැති කෙනෙක් වීම ගැන ආඩම්බර වෙනවා…! – ලොහාන් රත්වත්තේ….

May 4, 2024 at 6:48 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උපරීම සහයෝගය ලබාදෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

“මාගේ ජීවිත කාලය තුළ ඔබතුමාට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. මම කවදාවත් විශ්වාස කළේ නැහැ ඔබතුමත් එක්ක වැඩ කරන්න ලැබෙයි කියලා. කෙසේ වුවත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය ඇමතිවරයෙක්වීම ගැන.

රජයට පාලනය කරගන්න බැරි අවස්ථාවක ඔබ මේ වගකීම භාර ගත්තා. අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ.

ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි.”

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මේ බව සඳහන් කළේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී අද (04) එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *