රථ වාහන නඩු දඩයෙන් 10%ක් පොලිස් නිලධාරීන්ට! නොකළ වැරදිවලටත් නඩු වැටෙන රහස මෙන්න!

February 18, 2020 at 8:44 am | by emanisa.lk

රථ වාහන රාජකාරිවල නිරත පොලිස් නිලධාරියෙක් දෛනිකව රථවාහන නඩු 8-10 ක් අතර ප්‍රමාණයක් ලබාගත යුතු අතර එම නඩුවලින් අයකර ගන්නා දඩ මුදලින් 10% ක ප්‍රමාණයක් නඩු පවරන පොලිස් නිලධාරියාට හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලබාදෙන බව වාර්තා වෙයි.

මේ නිසා බහුතරයක් පොලිස් නිලධාරීන් ඇතැම් විට රියදුරන්ට අසත්‍ය චෝදනා නඟමින් නියමිත නඩු ප්‍රමාණය ලබාගෙන මහා මාර්ගයේ රථවාහන රාජකාරි කටයුතුවලින් ඉවත් වී ඔවුන්ගේ පෞද්ගලික කටයුතුවල නිරත වන බව ද අනාවරණය වී තිබේ.

එම හේතුව නිසා පසුගිය කාලය තුළ මෙරට රථ වාහන අනතුරු වැඩිවීමක් මෙන්ම ඇතැම් රියදුරන් අසාධාරණ ලෙස නඩුවලට පැටලීමේ සිද්ධි ද වාර්තා වෙයි.

වෙනත් රටවල රිය අනතුරු වළක්වා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් රියදුරන්ට හොඳින් පෙනෙන ස්ථානවල සිටින අතර මාර්ග දෙපස පොලිස් ඩමි ද සවි කර තිබේ. එහෙත් ලංකාවේ පොලිස් නිලධාරීන් යම් යම් ස්ථානවල සැඟව සිට රථ වාහන වැරදි කරන රියදුරන් ඇල්ලීම සුලබ දසුනකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස