රතු පාට කමිසයක් ඇන්ද පළියට UNPකාරයෙක් වෙන්නේ නෑ…! – හඳුන්නෙත්ති…

May 23, 2022 at 6:03 pm | by emanisa.lk

පසුගිය 09 වෙනිදා හවස ජනතාව නැඟී සිටියේ මේ රටේ අවනීතියට එරෙහිව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික හඳුන්නෙත්ති පෙන්වා දෙන්නේ රටේ තෙල් බෙදා හැරීම් අවුල් කිරීමට තම පක්ෂයට කිසිදු උවමනාවක් නැති බවයි.

එසේ ම සිය පාක්ෂිකයින්ට ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොමු වන්නට පක්ෂය කිසිම අනුබලයක් ලබා දී නොමැති බවත් එවැනි තීන්දුවක් ගෙන නොමැති බවත් හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

කිසියම් පුද්ගලයකු රතු පාට කමිසයක් ඇඳගෙන සිටි පමණින් ඔහු ජේවීපීකාරයෙකු හෝ යූඇන්පීකාරයෙකු ලෙස හංවඩු ගැසිය යුතු නැතැයි ද හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

පසුගිය 09 වෙනිදා සිදුවීම සම්බන්ධයෙන් තම පක්ෂයට එල්ල වන චෝදනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (23) පොලිස්පතිවරයා මුණ ගැසීමට යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *