රත්නපුරේ අහුවෙන්නේ මැණිකයි.. දෙකයි…!ඒවත් ඒ තරම් වටින්නේ නෑ…! මැණික් කුලුනක්මොන මගුලකට ද…! – ලංකා ඊ නිව්ස් කර්තෘ උවිඳු…

January 18, 2021 at 10:15 am | by emanisa.lk

ලංකා ඊ නිව්ස් කර්තෘ මාධ්‍ය වේදී උවිඳු කුරුකුලසූරිය සිය මුහුණුපොතේ පළකර ඇති ලිපියකි.

මම රත්නපුරය ගැන ඉස්සෙලම ඇහැව්වෙ ඒ ගොලන්ගෙ වතු ආදායම් එකතු කරන්න​ ගිහින් ඉන්න කොට​ මගෙ සීය තාත්ත එහෙදි නැති උනා කියන ඉතිහාස කතා එක්ක​.

ඊට පස්සෙ මගෙ ඉස්කෝලෙට රත්නපුරෙන් ආපු යාලුවන්ව මම මොනිටර් නිසා ඒ ගොල්ල බලා ගන්න/ පරිසරයට හුරුකරන්න​ දීපු නිසා.

ඊටත් පස්සෙ සරත් මුත්තෙටුවගම බීල ගිහින් හැප්පිල​ මැරිච්ච නිසා හා ඒකත් එක්ක බැඳිච්ච කුමන්ත්‍රණ කතා නිසා.

ඊටත් ඊටත් පස්සෙ නාලන්ද මරා දාල ඒ වෙලාවෙ කරපු වැඩ කටයුතු නිසා. (මම තමා ජෙයාරාජුයි, ඔය දැන් ඉන්න නුවර එළියෙ ඇමතියි එක්ක මුවගම රෙස්ට් හවුස් එකේදී ඒ දිවුරුම ලියල දුන්නෙ. – [ආදාහන වෙලාවෙ දුන්න දිවුරුම​])

ඊටත් ඊටත් ඊටත් පස්සෙ ගොඩාක් ලොකුවෙලා රත්නපුරේ නාය යෑම්, ගං වතුර වාර්තාකරන්න ගිහින්.
මේ මොන මඟුලක් ද කරන්නෙ මැණික් කුලුනක් හදල​.

රත්නපුරේ කෙරෙන්න ඕනෙ ගංවතුරට යටවෙන පරණ නගරය ඉස්සර ඉඳන් හදල තියෙන නව නගරයට ගෙනියන එක​.
පරණ නගරයේ ගංවතුර පාලනය කරන එක​.
නාය යෑම් වලක්වන එක​.
ඒ ජනතාවට හොඳ ජීවන තත්තවයක් හදල දෙන එක​.

මේ මැණිකක් දෙකක් රතනපුරෙන් හමුවෙලා තිබ්බට ඒක රටකට එච්චර වටින දෙයක් නෙමෙයි.
අර ස​’ නන්දසේනගෙ “ගෝටාස් වෝ” පොත ලියපු මගේ යාලුව සී ඒ චන්ද්‍රප්‍රේම – දැන් එයා ජිනීවා තානාපතිකමට පත්කරල තියෙන්නෙ – එයා ලිව්ව කොලපාට සමාජය පොතෙත් පෙන්නුව මැණික් කිලෝ ගණන් හම්බුවෙන්න ඕනෙ කියල​.

ඇත්තටම් ඔය අරාබීන් වගේ වෙලෙන්දො ලංකාවට එනකොට ආදි කාලෙ වටින ගල් කීපයක් ලැබිල තියෙනව​.
රත්නදීප කීවට ඒක ස්වයං වින්දන ගතියක් එක්ක එන්නෙ.

එංගලන්තෙ නැචුරල් හිස්ට්‍රි මියුසියම් එකෙත් ලංකාවෙ ගලක් තියෙනව​. විස්තර තියෙනව​. ඒ රැජිණලගෙ මුදුවලටත් ලංකාවෙ ගල් දාල තියෙනව​. ඒව එතන තියෙනව​.
ඒත් ලෝකෙ මැණික් හමුවෙන රටවල් ලැයිස්තුවේ ලංකාව අහලකවත් නැහැ.

ඉතිං ස’ නන්දසේන බොරු වැඩ නොකර​, මෙතෙක් හාරල ගිලා බහින පාරණ නගරය විතැන් කරන ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න බලන්න​!

මැණික් ගැන ඔය දන්න ප්‍රමාණය හරියට නාවල අන්නාසි රසයි වගේ කතා තමා. මේ මුලු කාලෙම මැණික් අපනයනය කරල හොයපු ගානට වඩා ගානක් ඔය කුළුණද මොකක් ද එකට වියදම් කරයි.
රත්නපුර, දෙමුමාවත මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුන!
මොන පිස්සු වැඩක් ද ස​’ නන්දසේන

[මම මේව ලියන්නෙ හොඳට ගවේශනය කරල ලියන ඉදිරිගාමී ජනමාධ්‍ය අයට හින්ට් විදියට​. හොඳට හොයල ලියන්න!]

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස