නව අයවැයේ වැඩි ප්‍රතිපාදන වේවැල් මැටි මැණික් කර්මාන්ත සඳහායි! – ඇමති කබ්රාල්

August 22, 2020 at 2:48 pm | by emanisa.lk

දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි සියලු නිෂ්පාදන සඳහා ඉදිරි අය වැයේදී ප්‍රමුඛතාව ලබාදීමට රජය කටයුතු කර ඇතැයිද එම කර්මාන්ත සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ට වැඩි සහන ලබාදී ආයෝජන දිරිමත් කිරීම උදෙසා සවිබල ගන්වන බවද මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

විදේශ විනිමය ඉහළ නංවා ගැනීම සඳහා දේශීය නිෂ්පාදන අපනයනය කිරීම කෙරෙහි රජය ප්‍රමුඛතාව ලබාදී ඇති අතර, විශේෂයෙන් මෙරට පාරම්පරික කර්මාන්ත ප්‍රවර්ධනය කර ඊට ගැළපෙන ලෝක වෙ‍ළෙඳ පොළක් නිර්මාණය කර ගැනීමෙන් මෙරට පාරම්පරික කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති කර ගැනීම රජයේ අරමුණ වී ඇතැයිද ඇමැති කබ්රාල් අවධාරණය කෙළේය.

මේ අනුව මෙරට මැටි ආශ්‍රිත කර්මාන්ත, වේවැල් කර්මාන්ත, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත, ලී කැටයම් ඇතුළු දේශීය කර්මාන්ත නංවාලීම කෙරෙහි රජයේ වැඩි අවධානය යොමුව ඇති අතර ඉදිරි අයවැයෙන් මෙම කර්මාන්ත සඳහා විශාල ප්‍රතිපාදනයක් වෙන් කර දීමට ද රජයේ අවධානය යොමුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *