ලංකා ඊ නිව්ස් කර්තෘ මාධ්‍ය වේදී උවිඳු කුරුකුලසූරිය සිය මුහුණුපොතේ පළකර ඇති ලිපියකි.
මම රත්නපුරය ගැන ඉස්සෙලම ඇහැව්වෙ ඒ ගොලන්ගෙ වතු ආදායම් එකතු කරන්න ගිහින් ඉන්න කොට මගෙ සීය තාත්ත එහෙදි නැති උනා කියන ඉතිහාස කතා එක්ක.
ඊට පස්සෙ මගෙ ඉස්කෝලෙට රත්නපුරෙන් ආපු යාලුවන්ව මම මොනිටර් නිසා ඒ ගොල්ල බලා ගන්න/ පරිසරයට හුරුකරන්න දීපු නිසා.
ඊටත් පස්සෙ සරත් මුත්තෙටුවගම බීල ගිහින් හැප්පිල මැරිච්ච නිසා හා ඒකත් එක්ක බැඳිච්ච කුමන්ත්‍රණ කතා නිසා.
ඊටත් ඊටත් පස්සෙ නාලන්ද මරා දාල ඒ වෙලාවෙ කරපු වැඩ කටයුතු නිසා. (මම තමා ජෙයාරාජුයි, ඔය දැන් ඉන්න නුවර එළියෙ ඇමතියි එක්ක මුවගම රෙස්ට් හවුස් එකේදී ඒ දිවුරුම ලියල දුන්නෙ. – [ආදාහන වෙලාවෙ දුන්න දිවුරුම])
ඊටත් ඊටත් ඊටත් පස්සෙ ගොඩාක් ලොකුවෙලා රත්නපුරේ නාය යෑම්, ගං වතුර වාර්තාකරන්න ගිහින්.
මේ මොන මඟුලක් ද කරන්නෙ මැණික් කුලුනක් හදල.
රත්නපුරේ කෙරෙන්න ඕනෙ ගංවතුරට යටවෙන පරණ නගරය ඉස්සර ඉඳන් හදල තියෙන නව නගරයට ගෙනියන එක.
පරණ නගරයේ ගංවතුර පාලනය කරන එක.
නාය යෑම් වලක්වන එක.
ඒ ජනතාවට හොඳ ජීවන තත්තවයක් හදල දෙන එක.
මේ මැණිකක් දෙකක් රතනපුරෙන් හමුවෙලා තිබ්බට ඒක රටකට එච්චර වටින දෙයක් නෙමෙයි.
අර ස’ නන්දසේනගෙ “ගෝටාස් වෝ” පොත ලියපු මගේ යාලුව සී ඒ චන්ද්‍රප්‍රේම – දැන් එයා ජිනීවා තානාපතිකමට පත්කරල තියෙන්නෙ – එයා ලිව්ව කොලපාට සමාජය පොතෙත් පෙන්නුව මැණික් කිලෝ ගණන් හම්බුවෙන්න ඕනෙ කියල.
ඇත්තටම් ඔය අරාබීන් වගේ වෙලෙන්දො ලංකාවට එනකොට ආදි කාලෙ වටින ගල් කීපයක් ලැබිල තියෙනව.
රත්නදීප කීවට ඒක ස්වයං වින්දන ගතියක් එක්ක එන්නෙ.
එංගලන්තෙ නැචුරල් හිස්ට්‍රි මියුසියම් එකෙත් ලංකාවෙ ගලක් තියෙනව. විස්තර තියෙනව. ඒ රැජිණලගෙ මුදුවලටත් ලංකාවෙ ගල් දාල තියෙනව. ඒව එතන තියෙනව.
ඒත් ලෝකෙ මැණික් හමුවෙන රටවල් ලැයිස්තුවේ ලංකාව අහලකවත් නැහැ.
ඉතිං ස’ නන්දසේන බොරු වැඩ නොකර, මෙතෙක් හාරල ගිලා බහින පාරණ නගරය විතැන් කරන ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න බලන්න!
මැණික් ගැන ඔය දන්න ප්‍රමාණය හරියට නාවල අන්නාසි රසයි වගේ කතා තමා. මේ මුලු කාලෙම මැණික් අපනයනය කරල හොයපු ගානට වඩා ගානක් ඔය කුළුණද මොකක් ද එකට වියදම් කරයි.
රත්නපුර, දෙමුමාවත මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුන!
මොන පිස්සු වැඩක් ද ස’ නන්දසේන
[මම මේව ලියන්නෙ හොඳට ගවේශනය කරල ලියන ඉදිරිගාමී ජනමාධ්‍ය අයට හින්ට් විදියට. හොඳට හොයල ලියන්න!]