රණසිංහ ප්‍රේමදාස යුගයක් යළි ගේනවා..! – මුජිබර් රහුමාන්…

October 23, 2022 at 8:14 pm | by emanisa.lk

වසර 20ක චන්ද්‍රිකා, මහින්ද යුගයේ මැද කොළඹ තමන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

2015 වැඩි ම මනාපයෙන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු යැව්ව ද මැදකොළඹ ජනතාවගේ දරුවන්ට රස්සා ටිකක් නොදුන් බවට ද ඔහු චෝදනා කළේය.

ජනතා හද ගැස්ම හඳුනන සජිත් ප්‍රේමදාස සමග නව ගමනක් යාමට තීරණය කළේ ඒ නිසා බවයි, රහුමාන් සඳහන් කළේ.

කොළඹ නගරයේ රණසිංහ ප්‍රේමදාස යුගයක් ඇති කිරීමට තමන්ට උවමනා බව ද මුජිබර් රහුමාන් අවධාරණය කළේය.

මැද කොළඹ ජනහමුවකට එකතු වෙමින් අද (23) හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *