මහ බැංකු අධිපති, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් රජයේ මුදල් රු. ලක්ෂ 500ක් වැයකර සුපිරි රථයක් මිලයට ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා චෝදනා කරයි.
විදෙශ් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා රටට වාහන ආනයනය නවතා දමා ඇති පසුබිමක මෙය සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි.
මෙයට අමතරව දැනටමත් විශ්‍රාම වැටුපක් ලබන අතර වසර දෙකක සේවා කාලයක් සඳහා තවත් විශ්‍රාම වැටුපක් ද තනා ගැනීමට මේ වන විට 80 හැවිරිදි වියේ සිටින මහ බැංකු අධිපතිවරයා කටයුතු කරමින් ඇතැයි අජිත් පී. පෙරේරා හෙළි කරයි.