කොවිඩ් ව්‍යාප්තියත් සමග වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය නිසා රුපියල් කෝටි 25,000 කට අධික මුදලක් රජයට මේ දක්වා ඉතිරි කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
කොවිඩ් ව්‍යාප්තියත් සමග රටේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගෙන යෑමේ අරමුණින් වාහන ආනයනය මෙසේ තාවකාලිකව නතර කිරීමට තීරණය කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.
විදේශයන්ට වාර්ෂිකව ඇදී යන මෙම මුදල ඉතිරි කර ගැනීමට හැකි වීම නිසා කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ සෞඛ්‍යමය වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
මෙය තාවකාලිකව ගත් තීරණයක් බවත් මෙම තීරණය වර්ෂ අවසානයේ දී සමාලෝචනයකට ලක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය. කෝටි විසි දාහකට වැඩි වටිනා වාහන වසරක දී මෙරටට ආනයනය කෙරෙන බව වාහන ආනයනකරුවෝ පවසති.