රනිල්-සජිත් එක්ව මේ මොහොතේ ගමනක් යා යුතු යැයි ජනතාව යෝජනා ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පවසයි.
මේ අවස්ථාවේ සියලු පක්ෂ නායකයන් ජාතික වැඩපිළිවෙළක් සඳහා එකතු විය යුතු මොහොතක් බව ද මන්ත්‍රීවරිය අවධාරණය කළාය.
රටේ අනාගතය හා ජනතාව වෙනුවෙන් රනිල් – සජිත් එකට එකතු වී ගමනක් යා යුතු බවත් එය රටේ අනාගතය වෙනුවෙන් සිදුවිය යුතු ජාතික අවශ්‍යතාවයක් බව ද රෝහිණී කවිරත්න සඳහන් කරයි.
ජාති, ආගම් හා පක්ෂ වශයෙන් බෙදී නොසිට වසර 25ක් සඳහා හෝ රට ඉදිරියට ගෙන යාමේ ජාතික සැලසුමක් රටට අවශ්‍ය කරන්නේ යැයි ද ඇය කීවාය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සේම මේ අවස්ථාවේදී සියලු පක්ෂ පොදු වැඩපිළිවෙළකට එකතු වී රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම වැදගත් බව ද රෝහිණී කවිරත්න වැඩි දුරටත් ප්‍රකාශ කළාය.