රට විවෘත කළ වහා වැටුප් ප්රශ්නය මුල්කරගෙන යළිත් පාරට බැස වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර ඇත.
මෙවර එම සටනට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් සහ විවිධ වෘත්තීය සමිති එක්වීමට කැමැත්ත පළ කොට ඇති බව ද එම වෘත්තීය සමිති සඳහන් කරයි.
පසුගියදා ගුරු වෘත්තීය සමිති විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සමඟ සාකච්ඡා කර තිබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ ආණ්ඩුව පරාජයට පත්වන තුරු දළ ජාතිික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීමේ සටන දියත් කළේ ද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයයි.