සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමනි, ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් කරන මේ චෝදනාව ඇත්තනම් ඒක ‘බිග් කුච්චන්’ එකටත් වඩා ලොකු විහිලුවක් වගේම රාජ්‍ය මුදලින් කල ලොකූ වංචාවක් වෙනවා. අනුර ජනාධිපතිතුමා විපක්ෂෙ ඉන්න කාලේට කීවටත් වඩා ලොකු පචයක් වෙනවා.
ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් මුලින්ම කරපු චෝදනාව තමා ඔබ එන බවට දාපු පෝස්ට් එකේ තිබ්බ සියලුම දුරකතන අංක ඕස්ට්‍රේලියාවේ ඉන්න ජවිපෙ කාඩර්වරුන්ගේ අංක කියලා. ඒක ෆේස්බුක් ගියාම ඔබ වහාම ඒ පෝස්ට් එක අයින් කරල, අංක නැතිව අලුත් පෝස්ට් එකක් දැම්මා. අපි ළඟ පරණ පෝස්ට් එක තියනවා.
දෙවනියට ඔබ හෝටල් ලොබියක හෝ කෑම කන තැනක කරන මීටිම. ඒකෙ ඉන්න හැමෝම ඔබ පක්ෂයේ ඕස්ට්‍රේලියාවේ සංවිධායකයන් මිසක් ආයෝජකයන් නොවන බව. ඒ ගැන පැතුම් තිලකසිරි ඔබේ ෆේස්බුක් පෝස්ට් එක යටින් කමෙන්ට් කරල තියනවා.
තුන්වෙනුව ඔබ කරපු ප්‍රෙස් කොන්ෆරන්ස් එක. ඒකේ කිසිදු ඕස්ට්‍රේලියානු ජාතික හෝ පිළිගත් මාධ්‍ය ආයතනයක් නැති බව ආචාර්ය රසිකා ෆේස්බුක් ලිපියක් දමා තිබෙනවා චායාරූප සමග.
මෙල්බන් සිටින ඔබේ පක්ෂ කාඩර්වරුන් ඔබව රැවැට්ටුවාද? කාඩර් එකත් සමග එකතු වී ඔබ ලංකාවෙ අපිව රැවැට්ටුවද? මේ මොනවා අපි කීවත් ලීවත්, ඕස්ට්‍රේලියාවේ සංවිධානය කරල තියෙන විනෝදජනක ඇක්ටිවිටීස් නවත්වන්න එපා. කන බොන ආතල් වෙලාවට එක එකාට වීඩියෝ ගන්න දෙන්න එපා. ආතල් එකේ ඉන්න.
මිලින්ද රාජපක්ෂගේ facebook පිටුවෙනි.