රට විනාශ කළ රාජපක්ෂලා රජ කරවන්න ජවිපෙ කඩේ ගියා..! වැව් දස දහසක් හදන්න ආ අනුර පොල්කට්ටක් තරම් වැවක් හැදුවේ නෑ..! – සජිත්…

January 29, 2023 at 12:27 pm | by emanisa.lk

වැව් දහසක් නොව දස දහසක් හදන බව ප්‍රකාශ කොට වැවක් තබා පොල් කට්ටක තරම් වැවක් නොහැදූ අය උනුත් එකයි මුනුත් එකයි කියමින් මෙය තමන්ගේ වාරය යැයි ප්‍රකාශ කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ අනුර දිසානායක, විජිත හේරත්, කේ.ඩී. ලාල්කාන්ත, චන්ද්‍රසේන විජේසිංහ කැබිනට් අමාත්‍ය ධූරවල ද බිමල් රත්නායක, සමන්ත විද්‍යාරත්න, සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති නියෝජ්‍ය ඇමැති ධූරවල ද දිවුරුම් දුන් බවයි, සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ.

එහෙයින් උනුත් එකයි මුනුත් එකයි ප්‍රකාශයේ කොටසක් අඩු අතර උනුත් එකයි මුනුත් එකයි එහෙම කියන අපිත් එකයි යනුවෙන් නිවැරදි විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

තමා කිසි දිනක රාජපක්ෂලාට කඩේ නොගිය බවත් උනුත් එකයි මුනුත් එකයි කියන අය රට විනාශ කළ රාජපක්ෂලා දිනවීම පිණිස 2005 ගෙන් ගෙට යමින් ද පෝස්ටර් ගසමින් කඩේ ගිය බවත් සජිත් ප්‍රේමදාස සිහිපත් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *