මේ රට පත්ව ඇති අගාධය දෙස බලාවත් එකට එකතු වීමේ උවමනාවක් මේ රටේ දේශපාලන පක්ෂවලට ඇති බවක් දකින්නට නැතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට ද එවැනි වැඩපිළිවෙළක් හෝ උවමනාවක් නොමැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එහෙයින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි නොවනු ඇති බවත් මේ අවස්ථාව පරිවර්තනීය මොහොතක් කරගනු වෙනුවට එදාවේල ටුවර්ස් ගමනක් යන බවත් විමල් වීරවංශ සඳහන් කරයි.
ස්වාධීන පක්ෂ 10 නායක හමුවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.