මීගමුව ආසනයේ කරවල කර්මාන්තයේ යෙදෙන ජනතාවට ලුනු ආනයනය කර ලබාදීමට කටයුතු කළ බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසයි.
පසුගිය සමයේ එම ජනතාව දැඩි ලුනු හිඟයකින් පීඩා විඳි බව නි. ඇමතිවරයා සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සුගත් තිලකරත්න මේ බව ප්‍රකාශ කරයි. කෙසේ වුව ද මේ වන විට එම සටහන සිය ගිණුමින් ඉවත් කිරීමට ඔහු කටයුතු කර ඇත.
