අද (12) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් විදෙස්ගත වීමට පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත හැරී යාමට සිදුව තිබේ.
ඒ ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය සහ මගී ජනතාවගේ විරෝධය නිසාය.
ප්‍රභූ පර්යන්තයෙන් බැසිල් නික්ම යාමට පැමිණි අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය නිෂ්කාශන කටයුතුවලින් ඉවත්ව තිබේ.
එවිට සාමාන්‍ය පර්යන්තය වෙත ගිය හිටපු ඇමැතිවරයාට මහජන විරෝධය එල්ල වීම නිසා නැවත හැරී යාමට සිදුව තිබෙි.
ඔහු සමග එක්තරා රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු ද රටින් නික්ම යාමට පැමිණි බව නිල නොලත් වාර්තා සඳහන් කරයි.