රට ම ලෙඩ වාට්ටුවක් වෙයි…! මරණ 80%ක් බෝ නොවන රෝගවලින්..!

December 14, 2023 at 6:29 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ වාර්ෂික මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වයස 35 ට අඩු ජනගහනයෙන් 15% ක් දියවැඩියාවෙන් හා 35% ක් අධික රුධිර පීඩනයෙන් පෙලෙන බවයි.

එයට ප්‍රධාන හේතුව ශරීර සුවතා පිළිබඳ වැඩි උනන්දුවක් නොදැක්වීම බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ශරීර සුවතා ඒකක ඉදිරියේදී රජයේ රෝහල් තුළ ස්ථාපිත කිරිමට සැලසුම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *