රට බෙදන 13 ක්‍රියාත්මක කරනු එපා..! උතුරේ ජනතාවත් පාරට බසී..!

January 31, 2022 at 10:48 am | by emanisa.lk

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට බලකරන ලෙස ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ 07 ක නායකයන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිඛිතව කළ ඉල්ලීමට එරෙහිව දෙමළ ජාතික ජනතා පෙරමුණ පෙරේදා (29) විරෝධතාවක නිරත විය. ඒ් මුලතිව්හි දී ය.

දෙමළ ජාතික පක්‍ෂ නායකයන් වන ආර්. සම්බන්ධන්, මාවේයි සේනාධිරාජා, සී. වී. විග්නේෂ්වරන්, සෙල්වන් අඩෙක්කලනාදන්, එස්. ක්‍රිෂාන්තා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන අය විසින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් මාර්ගයෙන් පසුගියදා ඉන්දීය අගමැතිවරයාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර තිබුණි.

මෙම ඉල්ලීමට එරෙහිව දකුණේ දේශපාලන පක්‍ෂ විරෝධය දැක්වූ අතර මේ වන විට එයට එරෙහිව උතුරේ දේශපාලන පක්‍ෂද එකතු වෙමින් පවතී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස