රට බරපතළ අර්බුදයක…! තරුණ විරැකියාව 25% පනී…!

January 21, 2024 at 6:54 pm | by emanisa.lk

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉකුත් 2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී මෙරට සේවා වියුක්ති අනුපාතය සියයට 5.2 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම වර්ෂයේ පළමු කාර්තුවේ මෙරට සේව වියුක්ති අනුපාතය සියයට 4.7ක් පැවැති අතර එය දෙවැනි කාර්තුව වන විට මෙලෙස සියයට 5.2 දක්වා වැඩි වී තිබිණි.

දෙවැනි කාර්තුවේ වයස අවුරුදු 15 -24 අතර තරුණ වයස් කාණ්ඩයේ සේවා වියුක්ති අනුපාතය සියයට 25.8 දක්වා වැඩි වීම බරපතළ තත්ත්වයකි.

මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *