රට පුරා ළමා අපචාර ඉහවහා යයි…! ළමාරක්ෂකෙන් සංගීත කණ්ඩායමකට තහනමක්…!

November 5, 2022 at 3:02 pm | by emanisa.lk

මැදිරිගිරිය ප්‍රදේශයේ ආශාවරී නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීමට පරිවාස දෙපාර්තමේන්තුව සහ පොලීසිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට විවෘත ප්‍රසංග ද පවත්වන තරමට මෙම ළමා සංගීත කණ්ඩායම ජනප්‍රියත්වයට පත්ව ඇති අතර පසුගිය සමයේ ඒ පිළිබඳ සමාජ මාධ්‍යවල ද විශාල කතාබහක් නිර්මාණය විය.

කෙසේ වෙතත්, වයස අවුරුදු 16ට අඩු දැරියන් යොදවා මුදල් සෙවීමේ පරමාර්ථයෙන් සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන යා නොහැකි බව දන්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම්වත් කර තිබුණි.

ඒ අනුව, කම්කරු දෙපාර්තමේන්තුව පොලීසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව සංගීත කණ්ඩායමේ කටයුතු අත්හිටුවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *