ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි.
ඩීසල් සහ පෙට්‍රල් ඇත්තේ තවත් දින තුන හතරකට පමණක් බව ද මහ මග යන වාහන කොයි වෙලේ කොතැන නතර වේ දැයි සිතාගත නොහැකි බව ද හෙතෙම පැවසීය.
වරායේ රැඳී සිටි ඩීසල් නැවක් මුදල් නොමැතිකම හේතුවෙන් ආපසු හරවා ගෙන ගිය බව ද පැවසූ ඔහු තවමත් වරායේ තිබෙන පෙට්‍රල් නැවකට ඩොලර් ගෙවිය යුතුව ඇති බවත් සඳහන් කරයි.
විදුලිය කප්පාදුවද දිගටම සිදුවනු ඇති බවත් අද වන විට රටම නවතින තැනකට තල්ලු වී ඇතැයි ද හෙතෙම පැවසීය.