ඩීසල් තියෙන්නේ දවස් තුනකට විතරයි…! දවසට පැය 04ක් විදුලිය නැතිව ඉන්න සූදානම් වන්න..!

January 16, 2022 at 5:34 pm | by emanisa.lk

ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් ඉදිරියේදී දිවයිනේ විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) අනතුරු අඟවයි.

දෛනිකව පැය 4ක විදුලි කප්පාදුවකට සූදානම් වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත් දැවී තෙල් ඇත්තේ දින 22කට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව දින තුනකට පසු විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇති බවත් එසේ නොවුණහොත් විදුලිබල පද්ධතියේ සමතුලිතතාව පවත්වා ගැනීමට නොහැකි වන බවත් ඔහු සඳහන් කළේය.

ජලය මූලික වශයෙන් කෘෂිකාර්මික, පානීය හා පාරිසරික අරමුණු සඳහා කළමනාකරණය කිරීම හේතුවෙන් ජල විදුලි උත්පාදනය සඳහා ජලාශවල ජලය භාවිතා කිරීම සීමා කර ඇත.

අනුමත බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදය සහ නව විදුලි උත්පාදන ව්‍යාපෘති අවලංගු කිරීම හේතුවෙන් බිඳවැටීමකදී විදුලිය සැපයිය හැකි විකල්ප බලාගාර රට තුළ නොමැති බව එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *