රට ජාතිය රකින්න බලය අරන් දැන් රට ම විකුණනවා…! කොළඹ තව අක්කර 200ක් විකුණන්න කැබිනට් අනුමැතියත් අරන්…!

May 30, 2021 at 5:23 pm | by emanisa.lk

වරාය නගර ව්‍යාපෘතියට සමගාමීව කොළඹ කොටුව ප්‍රදේශයේ අක්කර දෙසීයක තවත් විශාල භූමි ප්‍රදේශයක් විදේශයකට විකිණීමට රජය සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල චෝදනා කරයි

ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් පවා දැනටමත් අනුමත කරගෙන ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මෙම කැබිනට් පත්‍රිකාව අනුව රජය විකිණීමට සැලසුම් කර ඇත්තේ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ඉඩම, ගෆූර් ගොඩනැගිල්ල පිහිටි ඉඩම, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඇති ඉඩම, මධ්‍යම තැපැල් මධ්‍යස්ථානය පිහිටි ඉඩම සීනෝර් හා නෙළුම් කුළුණ ආසන්න ඉඩම, හිල්ටන් හෝටලය හා ක්‍රීඩා සංකීර්ණය පිහිටි ඉඩම යනාදී භූමි ප්‍රදේශ බව ද අලවතුවල අනාවරණය කරයි.

රට ජාතිය ගැන කතා කරමින් බලයට පැමිණි රජය දැන් කටයුතු කරගෙන යන්නේ වෙනත් ආකාරයකට යැයි පැවසූ මන්ත්‍රීවරයා රජය සියලු දේ විකුණමින් සිටින බවට ද චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *