රට ගොඩගන්න ඇති ලොකු ම බාධකය රාජපක්ෂ පවුලයි…! – කාදිනල්තුමා..

July 6, 2022 at 1:06 am | by emanisa.lk

පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තව දුරටත් බලයේ රැඳීසිටීම බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පවසයි.

පවතින තත්ත්වය යටතේ තව දුරටත් බලයේ රැඳීසිටීමට ජනාධිපතිවරයාට සහ රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බැවින්, රටවැටී ඇති ඛේදනීය තත්ත්වයේ වගකීම බාරගෙන, තනතුරුවලින් ඉල්ලා අස්වී, රටේ අනාගතය ජනතාවට භාරදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ද එතුම සඳහන් කළේය..

ඉන්පසු ජනතාව පතන ව්‍යූහාත්මක දේශපාලන වෙනස ඇතිකර ගැනීම සඳහා අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගත හැකි බව කී අගරදගුරුතුමන් එම රජය තාක්ෂණික සහ විද්වත් කමිටුවක් හරහා විශේෂඥ උපදෙස් ලබාගනිමින් රටේ පවතින ගැටළු ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතු බව ද පැවසූහ.

රටේ තත්වය යහපත් වූ වහා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව ද කී අගරදගුරුතුමා දේශය මෙම තත්ත්වයෙන් මුදා ගැනීමට පෙරමුණ ගන්නැයි විපක්ෂයේ සියලු දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා මේ බව පැවසුවේ අගරදගුරු මැදුරේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *