රට අයිති පොදු ජනතාවටයි…! පාලකයින්ට රට විකුණන්න බෑ…! ජනතාව පෙරට එන්න…! – කාදිනල් හිමිගෙන් ප්‍රහාරයක්…

January 7, 2021 at 10:47 pm | by emanisa.lk

පාලකයන්ට අවුරුදු 5-6ක් රට බලා ගැනීමට ලබා දී ඇති නමුත් රට අයිති ඔවුන්ට නොව මේ රටේ ජනතාවට බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.

මහ ලොකුවට ඔළුව උඩ තියාගෙන ගියත් සංචාරක ව්‍යාපාරයෙන් මේ රටට ලැබුණු දෙයක් නැතැයි ද එහිමියන් පෙන්වා දෙති.

මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ අක්කර 700ක මහා පරිමාණ සංචාරක කලාපයක් කිරීම සඳහා එක්තරා පෞද්ගලික සමාගමක් කටයුතු කරමින් සිටින බවට කාදිනල් හිමි චෝදනා කරයි.

එකෝ ෆ්‍රෙන්ඩ්ලි යැයි පැවසුව ද මෙවැනි ව්‍යාපෘති නිසා මුතුරාජවෙල තෙත්බිම් කලාපය සම්පූර්ණයෙන් ම විනාශ වනු ඇතැයි එහිමියන් අනතුරු අඟවති.

එහෙයින් මෙම ව්‍යාපෘතිය වහාම හකුළාගත යුතු බවත් එය සිදුකිරීමට ඉඩදිය නොහැකි බවත් පැවසූ කාදිනල් හිමි වනජීවී පුවරු ගලවා සවි කර ඇති එම සමාගමේ පුවරු ගලවා දමන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *