පානදුර තෙත්බිම් සුරකින වැඩපිළිවෙළක්! රටට ම හොඳ ආදර්ශයක්!

December 11, 2020 at 4:59 pm | by emanisa.lk

පානදුර ගොඩනගමු, ජාතියට පණ පොවමු සංකල්පය යටතේ පානදුර වැවෙයාය වෙල්යාය (ටයිටස් වෙල) සංවර්ධනය කිරිමේ සාකච්ඡාවක් අද (11) දින යුතුකම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිදු කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් එම වෙල්යායේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරී පිරිස් හා දිස්ත්‍රික් ලෙකම් කාර්යාල නිලධාරී පිරිස් ද සහභාගී වූහ.

පානදුරය සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානයට යොමු කළ කරුණු අතරින් වැවේයාය (ටයිටස් වෙල) සංවර්ධනය කිරීම ද වූ අතර ඒ සඳහා නොපමාව පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දී තිබිණි.

මෙම භූමිය ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ද තෙත්බිම් කලාපයක් ලෙස ද සංවර්ධනය කිරිමට අදාළ සැලසුම් එහි දී සාකච්ඡා කෙරිණි.

පොදු ජනතාව සඳහා ඇවිදින මංතිරු, සල්පිල් අංගනයක්, ආහාර කුටි සහ ළමා උද්‍යානයක් ද මෙම සංවර්ධන සැලස්මට ඇතුළත් වේ. මෙ මගින් ඉදිරියේදී පානදුර නගරය වැසි ජලයෙන් යටවිමට ද විසඳුම් ලැබෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *