රටේ 46 ලක්ෂයක් රස්සා කරනවා..! PAYE TAX එක වදින්නේ එක්ලක්ෂ විසිදාහටයි…! – මුදල් රාජ්‍ය ඇමැති..

February 9, 2023 at 4:47 pm | by emanisa.lk

ලංකාවේ ශ්‍රම බලකායෙන් උපයන විට බද්දට යටත් වන්නේ 2.6%ක් හෙවත් 120 925ක් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්ත උපුටා දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 4,645,572ක් වන සමස්ත ශ්‍රම බලකායෙන් 4,524,647 දෙනෙකු රු. ලක්ෂයට වඩා අඩු වැටුප් ලබන අය බවයි.

“අපේ රටේ ශ්‍රම බලකාය ඊයේ වෙනකොට මම ගත්තා, 4,645,572 ක්. ඒ කියන්නේ පෞද්ගලික අංශයේ, අර්ධ රාජ්‍ය , රාජ්‍ය. මේකෙන් රුපියල් 30,000ට අඩු වැටුප් ගන්න අය ඉන්නවා 2,231,000 ක්. ඒ කියන්නේ 48%ක්ම රුපියල් 30,000 ට අඩුවෙන් තමයි ගන්නේ. දැන් මේ කියන බදු සීමාවන්ට ලක්ෂයට වැඩි සීමාවට යටත් වෙන්නේ. 100,000 – 150,000 අතර ඉන්නවා 62,107 ක්, 1.3% යි. 28,227 ක් 150,000 – 200,000 අතර 0.6% යි. 19,449 ක් 200,000 – 250,000 යි අතර 0.4% යි. 300,000 ට වැඩි අය ඉන්නවා 11,142 ක් ඒ කියන්නේ 0.2% යි.”

ඔහු මේ බව පවසා සිටියේ අද (09) දෙරණ BIG FOCUS වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *