රටේ හදන බඩු ටික වරායට ගෙනියන්න තෙල් නෑ..! BOI ෆැක්ට්‍රිවල බඩු තොග ගොඩගැහිලා…!

May 18, 2022 at 10:23 am | by emanisa.lk

මේ වන විට අපනයන බහාලුම් ප්‍රවාහනය සියයට 90ක් පමණ නතර වී ඇතැයි සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල පවසයි.

අපනයන බහලුම් ප්‍රවාහනය සඳහා තම රථවලට ඔටෝඩීසල් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් නොකළහොත් අපනයන බහලුම් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර වනු ඇති බවට ඔහු අනතුරු අඟවයි.

රටට සියයට 60ක් පමණ ඩොලර් ලැබෙන්නේ අපනයන බහලුම් යැවීමෙන් බව ද මේ වන විට ආයෝජන මණ්ඩල කර්මාන්තශාලා අපනයනය සඳහා සූදානම් කර තිබෙන භාණ්ඩවලින් පිරී ඇති බව ද ඔහු කියා සිටියේය.

මේ නිසා තම අපනයන භාණ්ඩ ප්‍රවාහනය සඳහා බලපා ඇති ඉන්ධන ගැටලුව වහාම විසඳන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු තවදුරටත් කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *