රටේ සංවර්ධන ක්‍රියාවලිය අධික්ෂණය සඳහා විද්වත් වෘත්තිකයින්ගේ සහය අත්‍යවශ්‍ය බවත්, ඉදිරියටත් විද්වත් වෘත්තිකයින්ගේ සහයෝගය රටේ සංවර්ධනය සඳහා රජය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ (OPA) නව නිලධාරී මණ්ඩලය අරලියගහ මන්දිරයේ දී අද (02) පස්වරුවේ හමුවූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේය.
වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, ගණකාධිකාරීවරුන් ඇතුළුව විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ (OPA) ක්ෂේත්‍ර තිස් දෙකක් නියෝජනය කරමින් වෘත්තීය සංගම් 52ක් එකතුව ඇති බවත්, රජය ගෙන යන වැඩ පිළිවෙළට රජය සහ අදාළ අමාත්‍යාංශ සමඟ එකතුව වෘත්තීයවේදීන්ගේ සහය ස්වේච්ඡාවෙන් ලබා දීමට සූදානම් බවත් ශ්‍රී ලංකා විද්වත් වෘත්තීකයින්ගේ සංගම් සංවිධානයේ සභාපති දුලිත් පෙරේරා මෙහි දී පැවසීය.
අමාත්‍යාංශ සහ අදාළ අමාත්‍යවරුන් සමඟ සම්බන්ධව රටේ ආර්ථිකය සහ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අග්‍රාමාත්‍යතුමා, වෘත්තීයවේදීන් ලෙස රට වෙනුවෙන් සහයෝගය ලබාදීම අගය කළේය. රටේ ඉදිරි ගමන වෙනුවෙන් රජයක් ලෙස දිය හැකි සහයෝගය විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානය වෙත ලබා දීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහි දී පැවසීය.