රටේ විදුලි අවශ්‍යතාවෙන් 80%ක් ඉරෙන් සහ හුළඟින් හදනවා! – දුමින්ද

August 17, 2020 at 9:43 am | by emanisa.lk

තෙල්වලින් විදුලි නිෂ්පාදනය වෙනුවට ඉදිරි වසර පහේදී රටට අවශ්‍ය විදුලිය 80%ක්ම සූර්යබල හා සුළං බල මගින් ලබා දීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ අපගේ බලාපොරොත්තුවයි. එය අනිවාර්යයෙන්ම අප සිදුකරනවා යැයි සූර්ය බල හා සුළං පුනර්ජනනීය ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක පවසයි.

සූර්ය බල හා සුළං පුනර්ජනනීය ව්‍යාපෘති සංවර්ධන ඇමැති දුමින්ද දිසානායක එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුරාධපුර තම නිවසට පැමිණෙන විට පිළිගැනීමට පැමිණ සිටි පිරිසක් අමතමින් එසේ කීවේය.

අද බලන්න අනුරාධපුරයේ තිබෙන අව් රශ්මිය. රට පුරාම නිවාස ආශ‍්‍රිතව සූර්ය බල විදුලිය ලබා දෙන්න කටයුතු කරන්න ඕනෑ. ඉතාම ලාභදායි වැඩසටහනක්. අද වන විට සූර්යබල විදුලිය ලබා ගන්නේ අවශ්‍ය විදුලි ප‍්‍රමාණයෙන් සියයට හතරක් පමණයි.

සූර්ය බල විදුලිය නිෂ්පාදනයේ දී අපේ නිවාසවලට ආදායමක් ලැබෙන අතර, දිස්ත‍්‍රික්කවල ආදායම ලැබීමත් සමග අමතර වාසි ලැබෙනවා. සූර්ය බලයෙන් අප නිපදවන විදුලිය අප නිවසේ ප‍්‍රයෝජනයට ගෙන ඉතිරි විදුලි ඒකක ගණනට විදුලි බල මණ්ඩලයෙන් මුදල් ලැබෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස