රටේ ම කොවිඩ් මඩින වැඩේ නිලධාරීන් 09ක් අතට….! සෑම රෝහලක් ම වාට්ටුවක් කොවිඩ් ප්‍රතිකාරයට….!

May 9, 2021 at 7:02 am | by emanisa.lk

කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් 9 ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු 9 දෙනෙක් පළ පත්කරනු ලැබ සිටිති.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙම පත්කිරීම් සිදුකර ඇති අතර සියලු ම පළාත්වලට ගොස් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ නිරික්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරිය ඔවුන්ට උපදෙස් දී ඇත.

දිවයින පුරා පිහිටි රෝහල්වල එක් වාට්ටුවක් කොවිඩ් ප්‍රතිකාර සේවා සඳහා වෙන් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට තීරණය කර ඇතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *