රටේ මුදල් මහ බැංකු නිලධාරීන්ට ඕන විදිහට බෙදාගන්න බෑ..! – ලක්ෂ්මන් කිරිඇල්ල…

February 21, 2024 at 12:52 pm | by emanisa.lk

රටේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුවට බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එවැනි පසුබිමක මහ බැංකු නිලධාරීන් තමන්ට උවමනා ආකාරයට 70%කින් සිය පඩි වැඩි කර ගන්නේ කෙසේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

මහ බැංකු පනත අනුව මහ බැංකු නිලධාරීන් පත්කිරීම, සේවා කොන්දේසි සහ නියම යෝජනා කිරීමේ බලය ඔවුන්ට තිබුණ ද ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතිය ගතයුතු බවයි, ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *