දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළොත් බැංකු කඩා වැටෙනවා…! – ගෙවිඳු…

April 29, 2023 at 5:26 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමය අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළහොත් මහජන බැංකුව, ලංකා බැංකුව ඇතුළු රටේ බැංකු පද්ධතිය කඩා වැටෙනු ඇතැයි යුතුකම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී සිදුවන්නේ එම මගින් ලබා ගත් භාණ්ඩාගාර බැඳුම්කර පියවීම වසර 10කට හෝ 15කට කල්දැමීම බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එවිට බැංකුවල ද්‍රවශීලතාව අඩු වී එම බැංකුවල මුදල් තැන්පත් කළ ජනතාව සිය මුදල් ලබා ගත නොහැකිව දැඩි අසීරුතාවකට ගොදුරු වනු ඇත.

එහෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹෙන ද්‍රෝහී ගිවිසුමට තමන් එරෙහි වන බව ද ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේ, ඊයේ (28) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස