මහ බැංකු පඩි ලැයිස්තු එළියට…! එක නිලධාරියෙකුගේ වැටුප ලක්ෂ 21ක්…!

January 28, 2023 at 10:15 am | by emanisa.lk

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් මහාචාර්ය රොහාන් සමරජීව සිය ට්විටර් ගිණුමේ පළ කර තිබේ.

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයෙකුට ලක්ෂ 18-21ත් අතර වැටුපක් හිමිය. නියෝජ්‍ය අධිපතිවරයෙකුට ලක්ෂ 14-18ත් අතර වැටුපක් ද අධ්‍යක්ෂවරයෙකුට ලක්ෂ 9-10ත් අතර වැටුපක් ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට ලක්ෂ 7-9ත් අතර වැටුපක් ද හිමිය.

මහාචාර්ය සමරජීව පවසන්නේ මෙවැනි ඉහළ වැටුප් ලබා ගන්නා පිරිසකට බදුවලට එරෙහි වීමට කිසිදු අයිතියක් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *