මහ බැංකු නිලධාරීන් ලොකු හැන්දෙන් බෙදා ගෙන ද..? ගෙවිඳුගේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව ඇවිළෙයි..!

October 6, 2023 at 1:05 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් සේවක අර්ථ සාධක අරමුදල පිළිබඳ යොමු කළ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් සමග අද (06) පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

මන්ත්‍රීවරයා විමසා ඇත්තේ 2022 වසරේ සේවක අර්ථ සාධක අරමුදලට (EPF),සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට (ETF) සහ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ අර්ථසාධක අරමුදල සඳහා ගෙවූ පොළී ප්‍රතිශතයන්ය.

මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමට මෙයට පෙර මාස දෙකක් කල් ඉල්ලා ඇති අතර අද නැවත සති දෙකක් කල් ඉල්ලා සිටීම නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර සභාව විනාඩි 10කට කල් තැබීමට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *