රටේ ප්‍රශ්න උලුප්පන්නේ සමාජ මාධ්‍ය…! ෆේස්බුක් වහා ම තහනම් කරනු…! – කැබිනට් මණ්ඩලයට යෝජනාවක්….

August 4, 2021 at 10:43 pm | by emanisa.lk

ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍යජාලා නියාමනය කිරිමට කිසිදු නීතියක් නොමැති බැවින් ඒවා තහනම් කිරීමට හෝ නියාමනය කිරීමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ චීනයේ සමාජ මාධ්‍ය තහනම් කර ඇති බවයි.

“මේ සිදුවන දේවල්වලට සමාජ මාධ්‍යයත් වගකියන්න ඕන. හොඳට උලුප්ප උලුප්ප පෙන්නනවා. මම කියන්නේ මේ තත්ත්වය උඩ අපි මේවා හරි විදිහට නියාමනය කරන්න නීති ගෙන්න ඕන. මේ ගැන මම හැමදාම කැබිනට් මණ්ඩලයේදී කතා කරනවා.

අපි ඉස්තාලේ ඇරලා දාලා වගේ තියලා තියනවා. මොකක් හරි වුණා ම බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. එක්කෝ මේ සමාජ මාධ්‍ය රටේ තහනම් කරන්න ඕන. නැත්නම් ඒවා නිසි නියාමනයක් කරන්න නීති ගෙන්න අවශ්‍යයි. බලන්න චීනයේ සමාජ මාධ්‍ය නෑ. එහෙ තහනම්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස