ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ හේතුවෙන් අද සහ හෙට (30 සහ 31) ඩීසල් ලබා ගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කරයි.
අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයන බව ද කී සභාපතිවරයා පෙට්‍රල් බෙදාහැරීමේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ද සඳහන් කළේය.