ඉන්ධන අර්බුදයෙන් බස් 400ක් කොට උඩ….!

February 25, 2022 at 6:51 pm | by emanisa.lk

ඉන්ධන හිඟය හේතුවෙන් අද (25) බස් රථ ධවනයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි බස් සංගම් සඳහන් කරයි.

මේ හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 400ක් පමණ ගමන් වාර අවලංගු කිරීමට සිදු වූ බව ද අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර පවසයි.

දිනෙන් දින මෙම අර්බුදය උග්‍ර වන බවත් ඒ සඳහා විසඳුමක් ලබාදීමට බලධාරීන් තවමත් අපොහොසත් වී ඇතැයිද ඔහු චෝදනා කළේය.

ඇතැම් ඉන්ධන හල් මගින් බස් රථ සඳහා සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීමෙන් දැඩි අපහසුතාවට පත්වූ බවත් බස් හිමියෝ සඳහන් කළහ.

ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ ඇතුළු පිට පළාත් බස් රථ සේවාවලටත් අද(25) දිනයේත් දැඩි බලපෑම් එල්ල වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඉන්ධන ලැබෙන පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඔටෝ ඩීසල් නොමැති වීම හේතුවෙන් ඇතැම් බස් රථ සඳහා සුපර් ඩීසල් ගැසීමට පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *