රටේ ජනතාවගේ ජීවිත ලක්ෂ 220ක් අවලස්සන වෙලා….! නගර 100ක් අලංකාරයට මිලියන 2000ක් වෙන් කිරීම අපරාධයක්…! – සජිත්…

June 9, 2021 at 4:09 pm | by emanisa.lk

නගර සියයක් එක වර අලංකරණය කිරීමට වඩා මේ මොහොතේ වැදගත් වන්නේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රුපියල් මිලියන 2000ක පමණ වියදමින් රජය විසින් ආරම්භ කිරීමට සූදානම් වන සියක් නගර වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරයි.

මේ මොහොතේ රටේ සමස්ත අධ්‍යාපනය ව්‍යාකූල වී ඇති බවත් ගොවි පරපුරේ ජීවිත අසුන්දර වී ඇති බවත් ලක්ෂ ගණනකට රැකියා අහිමි වී ඇති බවත් පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රමුඛතාව මත රජය සිය කටයුතු පවත්වා ගෙන යායුතු බවයි.

මෙලෙස රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත සම්පූර්ණයෙන්ම අසුන්දර වී ඇති තත්ත්වයක් තුළ ආණ්ඩුව නගර අලංකරණය කිරීමට යොමුවීම තුළින් ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කුමකට ද යන්න පිළිබඳව ආණ්ඩුවට කිසිදු සංවේදීකමක් හෝ දැනුම්වත්කමක් නොමැති බව පෙනී යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *