දුර්භික්ෂයට හසු වූ රටක් තුළ සැබෑ සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කිරීමට හැකිදැයි යන්න ගැටළුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
තුන් වේල තබා එක් වේලක්වත් හරියට කෑමක් බීමක් ගන්නට නොහැකිව ළතවෙන දහස් ගණනක් ජනතාව මේ රටේ සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ඔවුන්ගේ කුසගින්දර නිවීම ආණ්ඩුවක වගකීම වන අතර ජනතාවගේ දුක් ගින්දර නිවෙන දවස සැබෑ සුබ අලුත් අවුරුද්ද වනු ඇතැයි ද ඒ වෙනුවෙන් තමන්ට හැකි පමණ කැපවන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කතරගම, දෙටගමුව ප්‍රතිලාභී පවුල් 450 කට අධික පිරිසක් සඳහා සහල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එකතු වෙමින ඊයේ (14) පෙරවරුවේ හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.