රටට ම බණ කියන චමුදිත හොර පාරෙන් තෙල් ගහයි…? පින්තූර වීඩියෝ සමාජ මාධ්‍යය කළඹයි…!

June 28, 2022 at 7:06 pm | by emanisa.lk

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සිය රථයට ඉන්ධන ලබා ගන්නා බව පැවසෙන ඡායාරූප සහ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යයි.

එහි දැක්වෙන්නේ පොලිස් නිලධාරියෙකුගේ අනුදැනුම ඇතිව මාර්ගයක නතර කර ඇති රථය සඳහා තෙල් ලබා දෙන ආකාරයයි.

එහි දී සිදුවන්නේ පිරවුම්හලකින් නොව අවිධිමත් ආකාරයට බැරලයක පිරවූ ඉන්ධන රථයට ලබා දීමය.

දේශපාලකයින්ගේ ද ජනතාවගේ ද වංචා දූෂණ විනය සදාචාරය පිළිබඳ උදේ හවස මාධ්‍ය ඔස්සේ රටට උපදෙස් ලබා දෙන චමුදිත සමරවික්‍රමගේ මෙම හැසිරීම සමාජ මාධ්‍යවල උපහාසයට ලක්වෙමින් තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *