සමාජයට ආදර්ශයක් විය යුතු ජ්‍යේෂ්ඨ වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයින් පවා කොවිඩ් මර්දන සෞඛ්‍ය රීති නොතකා කටයුතු කරමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් චෝදනා කරයි.
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, මෙම කණ්ඩායම් ප්‍රසිද්ධ ස්ථානවල මුව ආවරණ පවා නොපැළඳ කණ්ඩායම් වශයෙන් සිටිනවා පමණක් නොව එම අවස්ථා ඡායාරූප ගෙන සමාජ මාධ්‍යවල ද පළ කරන බවයි.
මේ නිසා පිරිසක් කොවිඩ් වසංගත තත්ත්වය සුළුවෙන් සිතන බවත් තවත් පිරිසක් වෛද්‍යවරු වැරදි කරන්නේ නම් තමන් ද එසේ කිරීමෙහි වරදක් නැතැයි සිතන බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දෙයි.
සියලු දෙනාගේ ජීවිත ගැන සිතා වගකීමෙන් කටයුතු කරන මෙන් නැවත නැවතත් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේ අද (05) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.