රටටම බණ කියන ජවිපෙ ඡන්ද නීති කඩයි! මැතිවරණ සමයේ ජනතාවට බඩු බෙදයි!

July 21, 2020 at 1:38 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මාතර පැලෑන ක්‍රීඩා සමාජයක් සඳහා ඊයේ (20) ප්ලෑෂ් පරිත්‍යාගයක් කළ බව ඔහුගේ ෆේස්බුක් පිටුවෙහි ඡායාරූප සහිතව පළකර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ ‘වැලිගම පැලෑන රාත්‍රි කික්‍රට් ක්‍රීඩකයින් සඳහා ක්‍රීඩාංගනයට අවශ්‍ය ෆ්ලෑෂ් ලයිට් පරිත්‍යාග කිරීම.’ යනුවෙනි.

මැතිවරණ සමයේ බඩු බෙදාදීම සම්පූර්ණයෙන් තහනම් අතර එය මැතිවරණ නීතිය අනුව බරපතළ වරදකි.

කෙසේ වුවද මේ සඳහා එල්ල වූ විරෝධය හමුවේ මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් සටහන ‘වැලිගම පැලෑන රාත්‍රි ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ.’ යනුවෙන් වෙනස් කර තිබේ.

එහි තිබූ ඡායාරූප කිහිපයක් ද මේ වන විට ඉවත් කර ඇති අතර බොහෝ විට ඒ අදාළ පරිත්‍යාගය කරන අවස්ථාව විය හැකිය. අදාළ සටහන වෙනස් කර ඇති ආකාරය අදාළ සටහනෙහි view edit history වෙත ගොස් බලාගත හැකිය.

සුනිල් හඳුන්නෙත්ති දූෂණ වංචා සොයන කෝප් කමිටුවේ සභාපතිවරයා ද වූ අතර ආණ්ඩුවේ වංචා දූෂණ නීති විරෝධී ක්‍රියා පිළිබඳ හඬ නඟන්නෙකි. සෙසු පක්ෂ මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට ජවිපෙ පසුගිය සමයේ අනෙක් පක්ෂවලට චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස