ජනතාවට සජිත් ජනපති වුණත් රාජිත ජනපති වුණත් එකයි…! රජ වෙන්න පොරකන්නේ නැතිව ආණ්ඩුව පෙරළමු..! – රාජිත…

February 1, 2022 at 5:41 pm | by emanisa.lk

ඊළඟ ජනාධිපති තනතුර වෙනුවෙන් පොර ඇල්ලීම නවතා ඉදිරි මැතිවරණ වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ වට මේස සාකච්ඡාවක් සඳහා එකතු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

අද (01) කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඊළඟ ජනාධිපතිවරයා රාජිත ද, සජිත් ද, පාඨලී ද, අනුර ද කියා ජනතාවට වැඩක් නැති බව මේ සියලු දෙනා තේරුම් ගත යුතු යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

හිසරදයට කොට්ටය මාරු කරනවා වෙනුවට දුර්දාන්ත ආණ්ඩුව පලවා හැර ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සියලු දෙනා එක් ස්ථානයක සිට සාකච්ඡාවක් ආරම්භ කළ යුතුව ඇතැයි ද ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *