රජය සතු වී ටොන් 30 000ක් සහල් කරයි! ඒකාධිකාරී වී මෝල් මාෆියාවට තිත!

November 11, 2020 at 1:36 pm | by emanisa.lk

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී මෙට්‍රික් ටොන් 30000ක් සහල් කර ස.තො.ස මගින් පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

පාලන මිලට ප්‍රමාණවත් තරම් සහල් තොග සැපයීමට සහල් මෝල් හිමියන් ඉදිරිපත් නොවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

මහ කන්නයේ දී සහ යල කන්නයේ දී මිලදී ගත් වී තොග මෙලෙස සහල් කිරීමට නියමිතය. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී තොග මුදා හැර සහල් කෙරෙනු ඇත.

පාලන මිලක් ප්‍රකාශයට පත් කිරීමත් සමග නාඩු හා කැකුළු සහල් පාලන මිලට වෙළෙඳපොළට මුදා හැරීමට සහල් මෝල් හිමියන් පියවර ගෙන තිබේ. එහෙත් ඇතැම් සහල් මෝල් හිමියන් තොග වෙළෙඳුන්ට දැනුම් දී ඇත්තේ කීරි සම්බා මිල දී ගන්නේ නම් පමණක් නාඩු සහ කැකුළු සහල් ලබා දිය හැකි බවයි.

සහල් මෝල් හිමියන්ට සහල් නිකුත් කිරීම සඳහා පාලන මිලක් පැනවීමෙන් පසු වී මිල රුපියල් දෙකකින් අඩු වී ඇත. රුපියල් 64ක්ව තිබූ වී කිලෝග්‍රෑමය දැන් රුපියල් 62ක් දක්වා පහත බැස තිබේ.

වී අලෙවි මණ්ඩලය ඉදිරියේ දී දිගට ම වී තොග පවත්වා ගෙන යාමට ද සැලසුමක් සකස් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස